මධුමාදවට රටින් පිටවීම තහනම්.

0
664
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයට පසුව, මැයි 13 වන දා මිණුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇති වූ කළහකාරී සිදුවීම් වලට සම්බන්ධ බවට සැක කරන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මිණුවන්ගොඩ පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් අදාල නියෝගය නිකුත් කර තිබේ. මැයි 13 සිදුවීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා මිණුවන්ගොඩ පොලීසිය විසින් මධුමාදව අරවින්ද මහතා කැදවා තිබුණද ඔහු දිගින් දිගටම පොලීසිය මඟ හරිමින් සිටියි. ඒ අතර, අදාල සිදුවීම සම්බන්ධයෙන් තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් මධුමාදව අරවින්ද මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =