මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිතා කිරීම. අකිලටත් චෝදනා.

0
156
- Advertisement -
Share

මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිතා කිරීම.
අකිලටත් චෝදනා .

යහපාලන රජය සමයේ අදාල විෂය භාර අමාත්‍යවරුන් විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අයථා ලෙස භාවිතා කර ඇති බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මෙන්ම මහමැතිවරණය සමයේ දී ද චෝදනා එල්ල විය.

ප්‍රධාන කොටම, අදාල චෝදනාව එල්ලවූයේ සජිත් ප්‍රේමදාස මහතා වෙත වුවද, මේ වන විට, අකිල විරාජ් කාරියවසම් මහතාට ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වේ.

සංස්කෘතික අමාත්‍යවරයා ලෙස අකිල විරාජ්කාරියවසම් මහතා කටයුතු කළ යුගයේ දී
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමකින් තොරව, රටපුරා පිහිටි විහාරස්ථාන දස දහසක් වෙත මුදා හැර ඇති බව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු පවසා ඇතැයි, ඉරිදා මෝනිං පුවත්පත වාර්තා කරයි.

මුදල් බෙදාහැර තිබෙන විහාරස්ථානවලින් බහුතරය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති බවද වාර්තා වේ.

අදාල විහාරස්ථාන වෙත මුදල් ලබා දී ඇත්තේ කුමන පදනමක් යටතේ ද යන්න ව්‍යාකූල බව පැවසේ. එමෙන්ම, අදාල මුදල් විහාරස්ථාන වෙත ලැබුණේද නැද්ද යන්න ද සැක සහිත බවද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂකවරයා මෝනිං පුවත්පත සමග පවසා තිබේ.

හිටපු අධ්‍යක්ෂකවරයා පවසන ආකාරය, එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හැත්තෑවන උපන්දිනයට සමගාමීව පැවැත් වූ උත්සව සදහා ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කොට තිබේ.

කෙසේ වෙතත්, මේ සියළු චෝදනා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද විමර්ෂණ කමිටුව අනාවරණය කරගෙන ඇති ආකාරයට අනුව, 2016 සහ 2019 අතර කාලය තුළ, මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රුපියල් බිලියන 11 ක මුදලක් අයාථා ලෙස භාවිතා කර තිබේ.

ද මෝර්නිං පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =