මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක.

0
711
- Advertisement -

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සේවක පිරිසක් බඳවා ගැනීමට එරෙහිව මෙසේ වැඩවර්ජනය කරන බවයි ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර්ස් දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ. මෙම වැඩවර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය පාලකවරුන්ගේ ද සහාය හිමිව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 8 =