මධ්‍යම අධිවේගයේ අවසන් කොන්තරාත්තුව
චීනයට සහ බ්‍රිතාන්‍යයට.
මධ්‍යම අධිවේගයේ තෙවන සහ සිව්වන අදියර ඉදිකිරීම සදහා වූ කොන්තරාත්තුව විදෙස් සමාගම් දෙකකට ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බව ඉරිදා මෝර්නිං පුවත්පත ඔවුන්ගේ මුල් පුවතින් වාර්තා කර තිබේ.
ඒ අනුව, මධ්‍යම අධිවේගයේ තෙවන අදියර අවසන් කිරීමේ කොන්තරාත්තුව චීන සමාගමකට ලබාදීමට නියමිත අතර, සිව්වන අදියර සදහා වූ කොන්තරාත්තුව බ්‍රිතාන්‍යය සමාගමකට ලබා දීමට නියමිත ය.
අදාල සමාගම් වෙත කොන්තරාත්තු ලබා දීම සම්බන්ධයෙන් වු අවසන් වාර්තා, නුදුරු දිනයකදී කැබිනට් අනුමැතිය සදහා යොමු කිරීමට නියමිතව ඇති බව ද පුවත්පත වාර්තා කරයි.
කැබිනට් අනුමැතිය ලැබුණු සැනින්, මධ්‍යම අධිවේගයේ තෙවන සහ සිව්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත ය.
මධ්‍යම අධිවේගයේ පළමුවන අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් පසුගිය සතියේ යළි ආරම්භ කර තිබේ. ඒ, රුපියල් බිලියන 16.67 ක මුදලක් අත්තිකාරම් වශයෙන් කොන්තරාත්කරුවෙත ලබා දීමෙන් පසුව යි.
අදියර හතරකින් සමන්විත වූ මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කටයුතු 2019 වසරේ අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද මූල්‍ය ගැටළු සහ කොන්ත්‍රාත් කරුවන් සමග ඇති වූ වෙනත් ගැටළු හේතුවෙන් සැලසුම්කර තිබුණු කාලයට අනුව මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකි විය.