මත් ගුලි තොගයක් සමඟ සැකකරුවෙක් ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට

0
636
- Advertisement -
Share

නීති විරෝධී මත් ගුලි තොගයක් සමඟ පුද්ගලයෙකු ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

ඔහු සතුව තිබී ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 532ක තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි අයෙකු වන අතර ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 30 යි මිලිග්‍රෑම් 150 ක් ලඟ තබාගෙන සිටි කාන්තාවක් පෑලියගොඩ, මෑවැල්ලවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

31 හැවිරිදි සැකකාරිය අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 9 =