මත්තලට ගුවන්යානා දෙකක් පැමිණෙයි

0
467
- Advertisement -
Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද(08) අළුයම කාළයේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙයින් පළමු ගුවන් යානය වූයේ අද අළුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයයි.

දෙවන ගුවන්යානය වුණේ අද අළුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =