“මගේ සෞඛ්‍ය තත්ත්වය රටට ප්‍රශ්නයක් විය යුතු නෑ..!” ජපාන අගමැති ඉල්ලා අස්වේ.

0
519
- Advertisement -
Share

මගේ සෞඛ්‍ය තත්ත්වය රටට ප්‍රශ්නයක් විය යුතු නෑ..!
ජපාන අගමැති ඉල්ලා අස්වේ.

තමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය රටට බලපෑමක් විය යුතු නැති බව පවසමින්, ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට 65 වන වියේ පසුවන ජපාන අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා රෝහල්ගතව තිබේ.

ඔහු සෞඛ්‍ය සම්පන්නව සිටියද, දීර්ඝ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක්වීම නිසා ජනතාව අතර, තවදුරටත් ජපානය පාලනය කිරීමේ හැකියාව ඔහුට තිබේද යන්න පිළිබදව සැකයක් මතුව තිබේ.

ජනතාව තුළ මතුව ඇති මෙම සැකය, ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =