“මගේ රට කොරෝනාවෙන් නිදහස්..!” නවසීලන්ත අගමැතිනිය කෙටි නැටුමක් නටයි..!

0
1853
- Advertisement -
Share

“මගේ රට කොරෝනාවෙන් නිදහස්..!” නවසීලන්ත අගමැතිනිය කෙටි නැටුමක් නටයි..!

තවදුරටත්, එකදු කොරෝනා ආසාදිතයෙකු හෝ තම රට තුළ නැති බව, නවසීලන්ත අගමැතිනී, ජෙසින්ඩා ආර්ඬේන් පවසයි.

සෞඛ්‍ය අංශ මගින් තමන්ට එම පුවත ලබා දුන් මොහොතේ, තමන් ප්‍රීතියෙන් පිනා ගිය බවත්, සතුට සැමරීම වෙනුවෙන් තමන් කෙටි නැටුමක් නැටූ බවත්, ඈ කියා තිබුණා ය.

කොරෝනා වෛරසයෙන් මුළුමනින්ම නිදහස් බැවින්, කොරෝනා තත්ත්වය යටතේ රට තුළ පනවා තිබුණු සමාජ දුරස්ථභාවය සහ ජනයා එක්රැස්වීම සීමා කිරීමේ නීති වහාම බලපැවැත්වෙන පරිදි නවසීලන්ත රජය විසින් ඉවත් කර තිබේ.

නවසීලන්තය තුළ, කොරෝනා වෛසරය ආසාදනය වූවන් 1504 ක් වාර්තා වූ අතර, ඉන් පුද්ගලයන් 22 ක් මිය ගොස් තිබුණි.

කෙසේ වෙතත්, රට තුළ එකදු සක්‍රීයා ආසාදිතයෙකු හෝ මේ වන විට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =