මං, සංගක්කාරට, එයාගේ බිරිද ගැන කට කැඩිච්චි කතාවක් කිව්වා..!

0
705
- Advertisement -

ඉර්ෆාන් පතන්, පසුගියදා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගන්නා බව ප‍්‍රකාශ කළා. ඉන්පසුව පැවති සම්මුඛ සාකච්ඡුාවකදී, කි‍්‍රකට් දිවියේ අමතක නොවන අවස්ථා මතකයට නගමින්, කුමාර් සංගක්කාර සම`ග ඇති කර ගෙන තිබුණු ගැටුමක් ගැනද ඔහු හෙළිදරව් කර තිබුණා.

“අපි දිල්ලියේ ක‍්‍රීඩා කළ ටෙස්ට් තරගයකදී කුමාර් සංගක්කාර සහ මා අතර උණුසුම් වචන හුවමාරුවක් සිද්ධ වුණා. අපි තරගයේ දෙවන ඉණිම කී‍්‍රඩා කරමින් සිටියේ. මම ලකුණු 93 ක් ලබා සිටියා. ඒ මොහොතේ පන්දු යවමින් හිටියේ මුත්තයියා මුරලිදරන්. මුරලි හොදට පන්දු යැව්වා. ඒත් කුමාර් සංගක්කාරට තේරුණා, එයාලට තරගය දිනන්න බැරි බව. ඔහු මාව අවුස්සන්න මොනවා දෝ කිව්වා. මොකක් හරි පෞද්ගලික දෙයක්. ඔහු මගේ අම්මා සහ තාත්තා ගැන මොනවා දෝ කිව්වා. මමත් ඔහුට ප‍්‍රතිචාර දැක්වුවා. මං ඔහුට, ඔහුගේ බිරිද ගැන කට කැඩිච්ච කතාවක් කිව්වා. ඒ කාලේ අපි අතර ප‍්‍රශ්න තිබුණු කාලයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =