“මං ගැන ඔත්තු බලනවාද..?” ශ‍්‍රී ලංකාවේ කැනේඩියානු තානාපතිවරයා අසයි..!

0
672
- Advertisement -

“මං ගැන ඔත්තු බලනවාද..?”
ශ‍්‍රී ලංකාවේ කැනේඩියානු තානාපතිවරයා අසයි..!

ශ‍්‍රී ලංකාවේ කැනේඩියානු තානාපතිවරයා, කොළඹ 07 පිහිටි ”කැනඩා හවුස්” හීදී සිදු කර තිබුණු පෞද්ගලික හමු වීම් කිහිපයක් සම්බන්ධ තොරතුරු මෙරට මාධ්‍ය කිහිපයක වාර්තා වී තිබීමෙන් පසුව, තමන් ආවේක්ෂණයට ලක්ව සිටින්නේ දැයි කැනඩා තානාපතිවරයා සිය නිල ට්වීටර් ගිණුම ඔස්සේ විමසා තිබේ.

ශ‍්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපතිවරයා කැනඩා නිවසේ දී මෙරට කැනඩා තානාපතිවරයා හමු වී ඇති බව පුවත්පත් දෙකක වාර්තා විය.

මාධ්‍යයට අනාවරණය නොකළ හමුවක් පිළිබදව තොරතුරු මාධ්‍යයේ පළ වීම සම්බන්ධයෙන් කැනේඩියානු තානාපති කාර්යාලයේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය, මෙරට සිටින දකුණු කොරියානු තානාපතිවරයා මුණ ගැසී ඇති බවටද මාධ්‍ය වාර්තා පළ ව තිබේ.

බංග්ලාදේශය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය නියෝජනය කරන රටවල් වේ.

මේ මස අග දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවකට අදාලව ඡුන්ද විමසීමක් පැවැත්වීමක් නියමිත ය.

යෝජනාව ගෙන එන [core group] කෝ ගෲප් නමින් හැදින්වෙන රටවල් අතර, කැනඩාව සහ එක්සත් රාජධානිය සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × two =