මංගල දේශපාලනයෙන් සමුගනී…!

0
1059
- Advertisement -

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පක්ෂ දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති වාර්තා වේ.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිනා දීම සටන් කළ එජාප මැති ඇමතිවරු අතර, ඉදිරියෙන්ම සිටියේ මංගල සමරවීර මහතා යි.
ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා පරාජයට පත් වූ වහාම, මංගල සමරවීර අමාත්‍යවරයා, ඔහු දැරූ මුදල් අමාත්‍ය ¥රයෙන් ඉල්ලා අස් විය.

අද, ඔහු, සිය නිල නිවස භාර දී, ඔහුගේ හිතවතෙකුගේ නිවසේ පදිංචියට ගොස් ඇති බව පැවසේ.

මින් ඉදිරියට පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී ජාතික සමගිය සහ සංහිදියාව වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීමට ඒ මහතා අදිෂ්ඨාන කරගෙන ඇති බව ඔහුට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 18 =