මංගලට පන්සල තහනම් කළ භික්ෂුව ළමා අපයෝජකයෙක්

0
761
- Advertisement -

අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න යන අයට ගම්පහ දිස්ති‍්‍රක්කයේ විහාරස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් තහනම් නියෝගයක් පැනවූ විහාරාධිපතිවරුන්ගේ රැුස්වීමේ මුලසුන හෙබ වූ පහළගම සෝමරතන හිමි ළමා අපයෝජනා චෝදනා එල්ල වී දඩුවම් ලැබූ අයෙකු බව අනිද්දා පුවත්පත වාර්තා කරයි. පහළගම සෝමරතන හිමියො, ලන්ඩනයේ තේම්ස් විහාරයේ නායක හිමියන් ලෙස කටයුතු කරමින් සිටියදී අදාල ළමා අපයෝජන චෝදනාව එල්ල වී ඇති අතර, පුවත්පත වාර්තා කරන අන්දමට සිරදඩුවමට අමතරව, ලන්ඩන් අධිකරණය මගින් බාල වයස්කාර දරුවන් සිටින කිසිදු වැඩසටහනකට සහභාගී වීමද උන්වහන්සේට තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 7 =