භූමිතෙල් සීමා කරයි, තෙල් වැඩිකිරීමේ තීරණය බැසිල්ට

0
115
- Advertisement -

මේ වනවිට භූමිතෙල් සැපයුම සීමා කරන්නට සිදු වී ඇති බවත්, ගොවි හා ධීවර ප්‍රජාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශ වලට මෙම තත්ත්වයෙන් සිදුවන බලපෑම තමුන් තේරුම්
ගෙන ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මේ වනවිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව භූමිතෙල් උදුන් උපයෝගී කරගෙන ආහාර පිසීමට පෙළඹී ඇති නිසා ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ඔහු මෙහිදී පැහැදිලි කළේය.

පසුගිය කෙටි වකවානුව තුළ ගෑස් මිළ අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, දිවයිනටම බලපාන අයුරින් ගෑස් සැපයුමේ අවහිරතාද දැකිය හැකි විය. ඒ අතරේ ලාෆ්ස් ගෑස් මේ වනවිට වෙළඳපොළෙන් අතුරුදහන්ව තිබේ.

මෙවන් පසුබිමක් තුළ ගෑස්වලින් වෙනත් විභවයකට යොමුවීම හැරෙන්නට සාමාන්‍ය ජනතාවට කළ හැකි වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය. මේ ත‍ත්වය යටතේ නාගරික තදාසන්න ප්‍රදේශයන්හි ජීවන් වන ජනතාවට ලබාගත හැකි ඊළඟ විභවය යන්නේ භූමිතෙල් උදුන් පමණකි.

එසේම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මේ වනවිට ඩීසල්, පෙට්‍රල් මිළ අධික නිසා විකල්පයක් වශයෙන් වාහන හිමියෝ භූමිතෙල් ඒ සඳහා භාවිතා කරන බවයි. මෙවන් තත්වයක් තුළ භූමිතෙල් පරිභෝජනයේ සීග්‍ර වර්ධනයක් දැකිය හැකිය දැනට පාඩුපිට පවත්වාගෙන යන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සැපයුම සැළකිල්ලට ගැනීමේදී මෙම තත්වය යහපත් නොවේ. කෙසේ වුවද මෙවර අයවැයෙන් තෙල් මිළ නැවත වාරයක් වැඩි කෙරෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

එසේම තෙල් මිළ වැඩිවීමක් හෝ ආණ්ඩුවේ සහනාධාරයක් නොමැතිනම් තවදුරටත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ලබන පාඩුව දරාගත නොහැකි බව පසුගිය වකවානුව පුරාම අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ආණ්ඩුවට දන්වා සිටියහ. ඒ අනුව මෙවර අයවැය යෝජනාවලදී තෙල් මිළ ඉහළ යාමට ඇත්තේ පුළුල් අවකාශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =