භික්ෂූන් වහන්සේලා කුඹුරු කෙටීම – සී සෑම ශාසනය පරිහානියට පත්වීමේ ලක්ෂණයක්. ත්‍රෛයිනිකායික මහනායක හිමිවරුන්ගෙන් ප‍්‍රකාශයක්.

0
671
- Advertisement -

ශාසනික වශයෙන් ඇතිවී තිබෙන අර්බුද කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වෙති.

මල්වතු මහා විහාරයේ පෙරේදා (17 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මල්වතු සහ අස්ගිරි අනුනාහිමිවරුන්ද සහභාගි වී සිටියහ.

වෙසක් පොහොය දිනයේ ආරම්භ වන උපසම්පදා විනය කර්ම නතර කිරීමටද මෙහිදී තීරණය කර ඇත. උපසම්පදා විනය කර්ම පොසොන් පොහොය දිනයේ අවසන් වෙයි.

විනය විරෝධී ලෙස හැසුරුණු භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබේ. භික්ෂුන් වහන්සේලා කුඹුරු කෙටී, සී සෑම, කුඩා සාමණේර හිමිවරු ලවා භක්ති ගීත ගායනා කිරීම ශාසන පරිහානියට හේතුවක් බව මෙහිදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් අමරපුර සහ රාමඤ්ඤ නිකාය මහනාහිමිවරුන් සමග සාකච්ඡා කර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමියන් ‘අරුණ’ට පැවැසීය.

•උදයජීව ඒකනායක @ arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + ten =