භාරතීය ජනතා පක්ෂය නේපාලනයේ සහ ලංකාවේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම; ලංකා රජය නිහඬයි. නේපාලය දැඩි විරෝධය පළ කරයි.

0
464
- Advertisement -

භාරතීය ජනතා පක්ෂය නේපාලනයේ සහ ලංකාවේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම;
ලංකා රජය නිහඬයි. නේපාලය දැඩි විරෝධය පළ කරයි.


අගමැති මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලනයේ සිය දේශපාලන කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් කරමින් සිටින බව පසුගිය දා වාර්තා විය.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන අමිත් ෂා විසින් එවැනි අදහසක් ප්‍රකාශ කළ බව ත්‍රීපුර මහ ඇමතිවන බිප්ලබ් කුමාර් මහතා පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්දැයි පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ ය. එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අමිත් ෂා විසින් එවැනි ප්‍රකාශයක් සැබැවින්ම සිදු කර ඇති බවට මෙතෙක් තහවුරු වී නැති බවයි.

කෙසේ වෙතත් භාරතීර ජනතා පක්ෂයේ අභිලාශය පිළිබදව ශ්‍රී ලංකා රජය නිළ වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැත.

ඒ නමුත් භාරතීය ජනතා පක්ෂය සිය රට තුළ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කිරීම නේපාලයේ දැඩි විරෝධයට හේතු වී තිබේ.

නේපාල විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිය විරෝධය නිළ වශයෙන් ම ඉන්දියාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =