භාණ්ඩ 2574 ක් සදහා සෙස් බද්ද හදුන්වා දෙයි.
සනීපාරක්ෂක තුවා ඇතුළු භාණ්ඩ රැසක මිල 15% කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ.
රජයේ වියදම් පියවා ගැනීම සදහා, සාමාන්‍ය ආනයන බද්ධට අමතරව, මෙරටට ආනයනය කරන භාණ්ඩ වර්ග 2574 ක් සදහා සෙස් බද්ධ හදුන්වා දී ඇති බව වාර්තා වේ.
ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස මේ වනවිටත්, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දී ඇති බව පැවසේ.
මෙම සෙස් බද්ධ, සීනි, පරිප්පු, සැමන්, ලොකු ළුෑණු, පොල් තෙල්, ෆාම් ඔයිල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ 26 කට අදාල නොවේ.
කෙසේ වෙතත්, සනීපාරක්ෂක තුවා සදහා මෙම සෙස් බද්ධ අදාල වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ සජිත් පේ‍්‍රමදාස මහතා සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දීමට යෝජනා කළේ ය.
සෙස් බද්ධ වලංගුවන භාණ්ඩවල මිල ගණන්, එළැඹෙන ජනවාරියේ සිට සියයට 15 කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තා වේ.