“බෞද්ධ උපදේශන සභාව කරන්නේ ගිය වේලාවේ ඉදන් ජනාධිපතිව වර්ණනා කරන එක…! වැදගත් දෙයක් ගැන කතා කරන්න අවස්ථාවක් එතන නෑ.” මහචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමි.

0
174
- Advertisement -
Share
1 / 100

“බෞද්ධ උපදේශන සභාව කරන්නේ
ගිය වේලාවේ ඉදන් ජනාධිපතිව වර්ණනා කරන එක…!
වැදගත් දෙයක් ගැන කතා කරන්න අවස්ථාවක් එතන නෑ.”
මහචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර – රාමාඥ සාමග්‍රී මහා සංඝ සභාව නිකුත් කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් – එම ප්‍රකාශය සම්පාදනය කිරිමට මූලිකත්වය ගත් මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් සමග, සති අන්ත රාවය පුවත්පත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් යනු, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක ස්ථවිරයන් ය. එසේම එහි මහා ලේඛකාධිකාරී හිමියන් ය.
මෙම සම්මුඛ සාකච්ඡාවේ සදහන් වන ආකාරයට, ජනාධිපතිතුමාට උපදෙස් ලබා දීම සදහා පිහිටුවා ඇති බෞද්ධ උපදේශන සභාවේ ද ඒ හිමියෝ සාමාජිකයෙකි.
මේ සියළු කරුණු සැලකිල්ලට ගමින් මාධ්‍ය වේදියා පහත පැනය උන්වහන්සේ වෙත යොමු කරන අතර, උන්වහන්සේ ඊට ලබා දෙන පිළිතුර ද අපි පහත පළ කරමු.

ප්‍රශ්නය : මේ ඔබවහන්සේලා පත් කරගත් ආණ්ඩුව. ඔබ වහන්සේලා පත්කරගත් ජනාධිපතිතුමා. ඒ විතරක් නෙවෙයි, ඔබවහන්සේලා සමීපව ඇසුරු කරන නිතර මුන ගැසෙන ජනාධිපතිතුමා. ඉතිං එතුමා සමග මේ ගැන (යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන) අදහස් හුවමාරු කර ගන්න තිබුණා නේද මේ විදිහට ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරන්න කලින්..? එහෙම යමක් සිදු වුණාද..?

පිලිතුර : එතුමා මහා සංඝරත්නය සමග සමීප ඇසුරු කරනවා. හැම මාසෙකම අපි සමග කතාබහ කරන බෞද්ධ උපදේශන සභාවකුත් තියෙනවා. නමුත් මේක ගෙනාවට පස්සේ අපිට එතුමා මුණගැහෙන්න අමාරු වුණා. මාසිකව පවත්වන උපදේශන සභාවේදීත් අමරපුර-රාමාඥ නිකාය දෙකට කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. රජයට පක්ෂ හිතවත් අයට විතරයි බොහෝ වෙලාවට කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ. හුගක් දනා වර්ණනාත්මක මත දක්වන එක තමයි කරන්නේ. විකල්ප අදහස් දරන අයට කතා කරන්න අවස්ථාවක් නෑ. ජනාධිපතිතුමාත් මේ තත්ත්වය දන්නවා. මෙතනදි කරන්න ඕනේ මාව වර්ණනා කරන එක නෙවෙයි, මට උපදෙස් දෙන්න කියලා සැරයක් එතුමා සභාවේදීත් ඉල්ලීමක් කළා. නමුත් අපේ හාමුදුරුවරුගේ ගතානුගතික පිළිවෙත නිසා එතුමා වර්ණනා කරනවා ඇරෙන්න එතුමාට මේ වගේ කාරණා ගැන උපදෙස් දෙන්න වෙලාවක් හම්බ වෙන්නේ නෑ. අනික 20 වෙනි සංශෝධනය කියන්නේ එතුමා සම්බන්ධ කාරණයක් නෙවෙයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ කාරණයක්. මේ වෙලාවේ එතුමා රටේ ජනාධිපති වුණාට, එතුමයි – රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි කියන්නේ එකක් නෙවෙයි, දෙකක්. එතුමා තනි පුදගලයෙක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. ඒ නීතිය සකස් වෙලා තියෙන්න ඕනේ අනාගතයේ දී රටට අයහපතක් නොවන ලෙස. මේක පැහැදිලිවම තේරුම්ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 1 =