බෝරා සමුළුව නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අදායම ඉහළට – කිෂු ගෝමස්

0
787
- Advertisement -

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට පැමිණි 21,000ක සංචාරකයන් හරහා මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන 51ක ආදායමක් (රුපියල් මිලියන 9231) ලැබී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පවසනවා.

බෝරා ප්‍රජාව ඉදිරියේදී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කරනු ඇති බවත් එහිදී එම ආදායම තව තවත් වැඩි වනු ඇති බවත් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි වැඩිම සංචාරක පිරිස මෙය බවත් ඔහු පැවැසුවේය.

කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මේ සමුළුව හේතුවෙන් කොළඹ හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාස ඇතුළු නවාතැන් ස්ථාන පිරී ඉතිරී ගොස් තිබෙන බවද ඔහු කියා සිටියේය.