බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 13ක් දැලේ

0
456
- Advertisement -
Share

නීතිවිරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාවට යාම සදහා තොඩුවාව අඹකදවිල ප‍්‍රදේශයේ මුහුදු වෙරළට ප‍්‍රවාහනයකරමින් සිටි ලොරි රථයක් සමග පුද්ගලයින් දහතුන් දෙනෙකු ඊයෙ අලුයම අත් අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවටපත්ව ඇත්තේ මඩකලපුව පාසිකුඩා ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 19ත් 60ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 10 දෙනෙක් හා තොඩුවාව ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක්.

අඹකදවිල ප‍්‍රදේශයෙන් කණ්ඩායමක් ඕස්ටේ‍්‍රලියාවට යාමට සුදානම්ව සිටින බවට ශ‍්‍රීලිංකා නාවික හමුදා බුද්ධි අංශ වලට ලැබුන තොරතුරකට අනුව නාවික හමුදාව විසින් සති දෙකකට අධික කාලයක් ප‍්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිට තිබෙනවා.

මෙම ජාවාරම් කරුවන් 17දා අඹකදවිල ප‍්‍රාද්ශයට පැමිණ එම ප‍්‍රදේශයේම ස්ථානයක ලැගුම්ගෙන ඇති අතර ඊට පසුදින ගමන පිටත්වීමට සුදානම් වුවත් නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පිරිස රැුගත් ලොරි රථය යෝජිතගමන අවලංගු කර හලාවත අඹකදවිල මාර්ගයේ ගමන්කර තිබුණා.

මෙම ලොරි රථය ගැන සැකසිතූ හලාවත පොලීසිය පොලීසියට ආසන්නයේදී අත්අඩංගචට ගෙන ඇති අතර ප‍්‍රශ්න කිරීම්වලදී පරස්පර විරෝධි පිළිතුරු හේතුවෙන් පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 7 =