බොහීමියන් රැප්ස්සොඩි චීන්නුන්ට ඕනෑ විදිහට එඩිට් වෙයි.

0
661
- Advertisement -

බොහීමියන් රැප්ස්සොඩි “Bohemian Rhapsody” 70 දශකයේ අතිශය ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් වූ ක්වීන් සංගීත කණ්ඩායමේ ප‍්‍රධාන ගායකයා වූ ෆ්‍රෙඞී මර්කරි ගේ [Freddie Mercury] ජීවිතය ඇසුරෙන් නිර්මාණය වූ චිත‍්‍රපටියකි. මෙවර ඔස්කාර් සම්මාන උළලේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ද බොහීමියන් රැප්ස්සොඩි චිත‍්‍රපටයේ ෆ්‍රෙඞී මර්කරිගේ චරිතය රග පෑ රමී මලික් ය. ෆ්‍රෙඞී මර්කරි ආන්දෝලනාත්මක චරිතයකි. විශිෂ්ඨ ගායකයෙකු වනවාට අමරතව, තමන්ගේ සිහින හඹා යෑමේ අසම සම හැකියාවක්ද මේ විශිෂ්ඨ ගායකයා සතුව පැවතුණි. ඔහු සමලිංගකයෙකි. ඔහුගේ ජීවිතය කෙළවර වන්නේ ඒඞ්ස් රෝගයට ගොදුරු වීමෙනි. බොහීමියන් රැප්ස්සොඩි චීනයේ ප‍්‍රදර්ශනය වීම අරඹා තිබේ. ඒත් ඒ ෆ්‍රෙඞී මර්කරිගේ ජීවිතයේ අතිශයින්ම වැදගත් බොහෝ සිදුවීම් සංස්කරණය කිරීමෙන් අනතුරුව ය. ඔහු සමලිංගිකයෙකු බවත් ඒඞ්ස් රෝගයට ප‍්‍රතිකාර ගත් බවත් පෙන්නුම් කරන සියළු දර්ශන චිත‍්‍රපටයෙන් ඉවත් කර ඇත. බොහීමියන් රැප්ස්සොඩි, ලංකාවේද තිරගත විය. ඒ කිසිදු සංස්කරණයකින් තොරවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 5 =