බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය; විශ‍්‍රාමික වෛද්‍යවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්ට තවත් රහස් ප‍්‍රකාශයක් ලබා දෙයි.

0
144
- Advertisement -

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය;
විශ‍්‍රාමික වෛද්‍යවරයා
කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්ට තවත්
රහස් ප‍්‍රකාශයක් ලබා දෙයි.

බොරැුල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ අත් බෝම්බයක් තැබීමට කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ල කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින, විශ‍්‍රාමික වෛද්‍යවරයෙකු වන ශර්ලි දයානන්ද මහතා, ඊයේ දිනයේ දී, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්ර ජයසූරිය මහතා ඉදිරියේ රහස් ප‍්‍රකාශයක් ලබා දී ඇතැයි වාර්තා වේ.

65 වියැති සැකකරු, මීට පෙර අවස්ථාවක දී ද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ රහස් ප‍්‍රකාශයක් ලබා දුන් බව වාර්තා විය.