බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 සිට 54 දක්වා අඩු වේ.

0
1412
- Advertisement -

ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් සීග්‍රයෙන් පහළ යමින් තිබේ.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 70 සිට 54 දක්වා අඩුවී ඇත.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල්මිලෙහි මෙම අඩුවීම අනුව වනවිට මෙරට ඉන්ධන මිලෙහි රුපියල් 20ක පමණ අඩුවීමක් සිදුවියයුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට එම මිල අඩුවීමේ වාසිය කිසිදු ආකාරයකට ජනතාව වෙත ලැබෙන තත්ත්වයක් දකින්නට නොමැත.

පසුගිය සමයේ පොදුජන පෙරමුණ විපක්ෂය ලෙස කටයුතු කරන විට එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස බන්දුල ගුණවර්ධන විසින් ආර්ථික පර්යේෂණ ඒකකය කියා ආර්ථිකය සම්බන්ධව තමන්ට දේශපාලන වාසි ලබාගැනීම සඳහා මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ අතර මාධ්‍ය තුළ ඒ සඳහා පැහැදිලි ගුවන් කාලයක්ද දක්නට තිබිණි.

නමුත් ආණ්ඩු පෙරළියත් සමග මන්ත්‍රී බන්දුල ගුණවර්ධ අද අමාත්‍යවරයකුවී සිටින අතර ඔහුගේ ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමා ඇත.

කිසිඳු මාධ්‍යයකින් මේ මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබා නොදීම ගැන ප්‍රශ්න නොකරණවා මෙන්ම ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල අඩුවීම ගැනද ප්‍රශ්න නකරන්නේ නැත.

lanka truth.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 8 =