බේරේ වැවේ පුරාණේ…! විස්තරේ දැනගෙන බේරේ රස විදිමු…!

0
765
- Advertisement -

පෘතුගිසින් විසින් සැකසූ බේරේ වැව, ලන්දේසි පාලන සමයේදී වඩාත් පුළුල්ව, විධිමත් නාගරික සැලසුමකට අනුගත වන ආකාරයට සකසන ලදී. ඔවුන් තමන්ගේ දේශපාලනික, යුදමය හා වෙළඳ අරමුණු මූලික කරගනිමින් මෙය පුළුල් කරන විට දූපත් කිහිපයක්ද ඇතිවන ලෙස එය නිර්මාණය කෙරිණි. අදටත් ”ස්ලේව් අයිලන්ඞ්” යනුවෙන් යනුවෙන් හැඳින්වෙන්නේ එබඳු විශාල දූපතකි. එසේම පොල්ගස් 600 කින් යුතු විශාල ජනාවාස එහි ඉදි කෙරිණි. බේරේ වැවට එකී නාමය ලැබී ඇත්තේ මෙම වැව ලන්දේසි අවශ්‍යතා අනුව විධිමත්ව පුළුල් කිරීම සැලසුම් කළේ ඔවුන්ගේ ඉන්ජිනේරුවෙක් වන Dee Beer නැමැත්තාය. මෙම වැව් ව්‍යවහාරික නාමය එයින් ගොඩනැගෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
කොළඹ ලන්දේසි බලකොටුවට ආරක්‍ෂාව සැලසූ ආරක්‍ෂක දිය අගලක් වශයෙන් ඉදිකළ බේරේ වැව එවකට කිඹුලන් ආදි සතුන්ගේ රජදහනක්ව තිබෙන්නට ඇත. එසේම යුදමය වශයෙන් මර්මස්ථානයක් වූ කොළඹ කොටුව හා වරායට මෙමගින් විශාල මූලෝපායික ආරක්‍ෂාවක් සැලසුන බව පැහැදිලිය. එසේ වුවද, කොළඹ නගරයට විධිමත් හැඩතල ලබාදෙන ප‍්‍රධාන සාධකය සාධකය වී ඇත්තේ බේරේ වැව ලෙස සැලකේ. මේ නිසාම ලන්දේසින්ගේ නාගරික සැලසුම්වල තීක්‍ෂණ භාවය අපට වටහාගත හැකිවේ. අක්කර 410 පුරා පැතිරුන බේරේ වැවේ අදට ඉතිරිව ඇත්තේ අක්කර 160 ක් පමණකි. නගර නිර්මාණයේදි ලන්දේසින් තුල වූ කෘතහස්ථ භාවය මැනවින් පෙන්නුම් වේ. අදටත් ඉතිරිව ඇති පැතිබැමි, ආරුක්කු සහිත පාලම් මෙය කදිම නිදසුන් වෙයි. එසේම වැවේ අතිරික්ත ජලය මුහුදට ගලායාමට සලසන ලද කවාකාර ජල බැස්ම ලන්දේසින්ගේ මටසිලිටි, සුන්දර ඉදිකිරීම් සම්ප‍්‍රදාය මැනවින් කියාපායි.