බෙන්ජමින් නෙතන්හායු යුගය අවසන් වේ. ඒත් තමන් නැවත එන බව ඔහු කියයි.

0
132
- Advertisement -

බෙන්ජමින් නෙතන්හායු යුගය අවසන් වේ.
ඒත් තමන් නැවත එන බව ඔහු කියයි.

නව සභාග රජයකට පාර්ලිමේන්තුවේ බහුතරය පක්ෂ වීමත් සමග, වසර දොළහක කාලයක් ඊශ‍්‍රායලය පාලනය කළ බෙන්ජමින් නෙතන්යාහු ට පාලන බලය අහිමි විය.

දක්ෂිණාංශික ජාතිකවාදී නායකයෙකු වන නෆ්තාලි බෙනට්, නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

බෙන්ජමින් නෙතන්යාහු විපක්ෂනායකවරයා බවට පත්ව ඇති අතර, නැවත තමන් ආණ්ඩු බලය ලබා ගන්නා බව පවසා තිබේ.

ඊශ‍්‍රායලයේ බල පෙරළිය සම්බන්ධයෙන් පලස්තීනයේ අදහස වී ඇත්තේ, එය ඔවුන්ට එතරම් අදාල නොවන දෙයක් බවයි.

”එය ඊශ‍්‍රායලයේ අභ්‍යන්තර කාරණයක්. ඉන් අපේ අරමුණට බලපෑමක් නැත. අපට අවශ්‍ය වන්නේ ජෙසුරුලම අපගේ අගනගරය බවට පත් කරගත්, 1967 පැමිණි එකගතාවයන්ට අනුව පිහිටුවන පලස්තීන රාජ්‍යයකි.”

පලස්තීන ජනාධිපති, මහම්මඞ් අබ්බාස්ගේ ප‍්‍රකාශකයා පවසා තිබේ.