බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට ගත් තීරණය පාකිස්තානයේ කණස්සල්ලට හේතු වේ.

0
559
- Advertisement -

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට ගත් තීරණය පාකිස්තානයේ කණස්සල්ලට හේතු වේ.

බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීමට ශ‍්‍රී ලංකා රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන්, පාකිස්තානය සිය කණස්සල්ල ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහකොමසාරිස් සාද් ඛාටක් මහතා පවසා ඇත්තේ, බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට ශ‍්‍රී ලංකා රජය ගෙන තිබෙන තීරණය මෙරට ජීවත් වන සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේත්, ලෝක මුස්ලිම් ප‍්‍රජාවගේත් සිත් රිදවීමට හේතු විය හැකි බවයි.

එක් අතකින් කොරෝනා වසංගතයයෙනුත් , අනෙක් පැත්තෙන් ජාත්‍යන්තරව රටේ ප‍්‍රතිරූපය සම්බන්ධයෙනුත් ගැටළු වලට මුහුණ දී තිබෙන අවස්ථාවක ඒ සියල්ලටත් මෙබදු තීරණ මගින් යම්කිසි ආකාරයක බලපෑමක් ඇති විය හැකි බවයි පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය ට්වීටර් පණිවිඩය මගින් දැනුම් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 5 =