බුද්ධි ප‍්‍රධානී සුරේශ් සලෙයි; සිරිල් ගාමිනී පියතුමාට එරෙහිව සී.අයි.ඩී යට පැමිණිලි කරයි.

0
131
- Advertisement -


බුද්ධි ප‍්‍රධානී සුරේශ් සලෙයි;
සිරිල් ගාමිනී පියතුමාට එරෙහිව
සී.අයි.ඩී යට පැමිණිලි කරයි.

රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානී, සුරේශ් සලෙයි විසින්, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව විසින් සහරාම් හෂීම් පෝෂණය කර තිබෙන බවත්, එවකට බි‍්‍රගේඩියර්වරයෙකු වූ සුරේශ් සලෙයි ඒ සදහා මැදිහත්ව තිබෙන බවටත්, පසුගිය 23 වන දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක දී, සිරිල් ගාමිණී පියතුමා විසින් ප‍්‍රකාශ කර තිබෙන බව සුරෙශ් සලෙයි චෝදනා කරයි.

සිරිල් ගාමිනී පියතුමාගේ එම ප‍්‍රකාශය අසත්‍යයක් බවයි බුද්ධි ප‍්‍රධානී සුරේශ් සලෙයි පවසන්නේ.

සිරිල් ගාමිණී පියතුමා සිදු කළ එම ප‍්‍රකාශයෙන් තමන්ගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිතවලට තර්ජනයක් එල්ල විය හැකි බවද ඔහු පවසයි.

එබැවින්, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු එම සූම් සංවාදයට සහභාගී වූ අනෙකුත් සියල්ලන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස බුදධි ප‍්‍රධානී සුරේශ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + twenty =