බුද්ධි අංශ ප‍්‍රධානීන් වැඩ කරන්නේ කා වෙනුවෙන් ද…?

0
870
- Advertisement -

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් කල් තියා මෙරට බුද්ධි අංශ දැනුවත් කර තිබියදීත් අදාල ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ වේ මෙරට බුද්ධි අංශ ප‍්‍රධානීන් ඒ පිළිබදව අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා දැනුවත් කර නොතිබීම බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. බුද්ධි අංශ ප‍්‍රධානියා රටේ අගමැති සහ ජනාධිපතිවරයාට අදාල තොරතුරු ලබා නොදුන්නේ ඔහු වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් සේවය කරන නිසාද යන සැකය මතුවන බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ, උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම සදහා අද රැුස්ව සිටින පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ය.