බුද්ධි අංශ ඇස් වසා නිශාන්ත සිල්වා රටින් පැන ගනී…!

0
582
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්, සමූහ මංකොල්ල විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ස්විට්සර් ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු සිය පවුල සමග මෙසේ ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇත්තේ, ඒ පිළිබදව දැනුම් දිය යුතු කිසිදු අංශයකට දැනුම් දීමකින් තොරව බව පැවසේ.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිදුවීමට අදාල විමර්ෂණ කටයුතු සිදු කරනු ලැබුවේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි. ඊට අමතරව, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරනු ලැබුවේ ද ඔහු විසිනි.

පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදන් කිිරීම්වලට අදාල විමර්ෂණ කටයුතු සදහා රජය දිගින් දිගටම බාධා පමුණුවද්දී, නිශාන්ත සිල්වා මහතා ප‍්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සදහා ගනු ලබන වෙහෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂෙලෙට් මහත්මිය විසින් ද වරක් අගය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 6 =