බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට තෑගි

0
436
- Advertisement -
Share

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබන 05 වැනිදා සිට මාසයක කාලයක් රට තුළ විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

සියලු බීමත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කරන බවත්, පවතින නීතිය අනුව බීමත් රියදුරෙකු රුපියල් 25,000 දක්වා වූ දඩයකට යටත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, මේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියදුරෙකු වෙනුවෙන් රුපියල් 2500ක් ලබාදෙන බවත් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − six =