බීජිං යළිත් අවදානමේ. පාසල් විවෘත කිරීම තවත් කල් දමයි.

0
581
- Advertisement -
Share

බීජිං යළිත් අවදානමේ.
පාසල් විවෘත කිරීම තවත් කල් දමයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු අළුතින් වාර්තා වීමත් සමඟ, චීනයේ අගනුවර වන බීජින්, යළිත් භීතියෙන් ඇළලී ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය මාස කිහිපයේදීද, චීනයෙන් අළුත් ආසාදිතයන් වාර්තා වී තිබුණු අතර, ඔවුන් සියල්ලන්ම පාහේ විදේශිකයන් විය.

අළුතින් වාර්තා වී තිබෙන චීන ජාතික ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකු, බීජින් නුවර පිහිටා තිබෙන, මස් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ආයතනයක සේවය කරන සේවකයන් ය.

අළුත් ආසාදිතයන් තිදෙනා වාර්තා වීමත් සමග බීජින් නුවර පිහිටි ප්‍රදාන මස් සහ මාළු වෙළද සැල වසා දමා තිබේ.

බීජින් නුවර පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =