බින් ලාඩන්ගේ පුතාගේ හිසට ඩොලර් මිලියනයක් . . . !

0
715
- Advertisement -

අල් ක්වයිඩා සංවිධානයේ හිටපු නායක, ඔසාමා බින් ලාඩන් ගේ පුත‍්‍රයා සිටින තැනක් පිළිබදව නිවැරදි තොරතුරක් ලබා දෙන ඕනෑම අයෙකුට ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ඇමරිකාව පවසයි. ඔහු, දැනට ඇෆ්ගන්-පකිස්තාන් දේශ සීමාව තුළ සැගවී සිටින බව වාර්තා වේ. මෑතකදී වීඩියෝ පටයක් නිකුත් කර ඇත් බින් ලාඩන්ගේ පුත‍්‍රයා තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකාවෙන් සහ ඇමරිකානු ලැදි බටහිර රටවල්වලින් පළි ගන්නා ලෙස අනුගාමිකයන්ගෙන් ඉල්ලා තිබේ. හස්මා බින් ලාඩන් යන නමින් හැදින්වෙන ඔසාමාගේ පුත‍්‍රයා තිස් හැවිරිදි තරුණයෙකි.