බැසිල්වාදීන්ට සුභාරංචියක්..! බැසිල් ඇමරිකානු පුරවැසිභාවය අත් හරී. කොළඹින් ඡන්දය ඉල්ලයි.

0
1337
- Advertisement -
Share

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සදහා කොළඹින් තරග වැදීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන විට ඇමරිකාවට ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා ගොස් ඇත්තේ, ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිකර ගැනීමට බවද වාර්තා වේ. 19 වන සංශෝධනයට අනුව, ද්විත්ව පුරවැසිභාවය ඇති ශ‍්‍රී ලාංකිකයන්ට මැතිවරණ සදහා තරග වැදීමට නොහැකි ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් බලා සිටියි. විශේෂයෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරට අයත් නොවන පොහොට්ටුවේ බොහෝ මැති ඇමතිවරු ඔවුන්ගේ ගැලවුම්කාරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සලකන බව පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + twelve =