බැසිල්ගේ ඉල්ලීම ඉවතට

0
844
- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි ලිත් නඩු විභාගය, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හැර වෙනත් විනිසුරුවරයෙකු යටතේ විභාගයට ගන්නා ලෙස කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය අද, ප‍්‍රතික්ෂේප කර තිබේ.
ගිහින් කුලතුංග විනිසුරු ඉදිරියේ අදාල නඩුව විභාගයට ගැනීමෙන් තමන්ට අගතියක් සිදුවිය හැකි බවට බැසිල් රාජපක්ෂ මහතා පෙත්සමක් මගින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.
2015 ජනාධිපතිවරණයේ දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කිරීමෙන්, දෙකෝටි අනූ හතර ලක්ෂයකට ආසන්න මහජන මුදලක් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව අදාල නඩුව ගොනු කර තිබුණි.