බැදුම්කර හොරු අල්ලා ගන්න අනගි අවස්ථාවක්.

0
683
- Advertisement -

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුව ඇති පාඩුව කෙතෙක්ද යන්න නිවැරදිව ගණනය කිරීම සදහා සිදු කරනු ලැබූ, වෝහාරික විගණනයේ – වාර්තාව ලබන තුන් වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

මෙම වාර්තාව, ජනාධිපතිවරණයට පෙර සිටම මහ බැංකුවට ලැබී තිබුනද, ජනාධිපතිවරණ සටනට කිසියම් බලපෑමක් සිදු වේ යැයි උපකල්පනය කරමින්, මහබැංකුවේ නිළධාරීන්ගෙන් පිරිසක් විසින්, එකී වාර්තාව හිටපු මුදල් අමාත්‍යවරයාට, අග‍්‍රාමාත්‍යවරයාට හෝ කෝප් කමිටු සභාපතිවරයාට ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත්, වෝහාරික විගණන වාර්තාවද ලැබී ඇති බැවින් මහ බැංකු බැදුම්කර වංචාවේ මහ මොළකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට අනගි අවස්ථාවක් මේ වන විට උදා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + eleven =