බැදුම්කර හොරු අල්ලනවා බොරු..! අර්ජුන් මහේන්ද්‍රන් භාර දෙන්න සිංගප්පූරුව බෑ කියයි.

0
221
- Advertisement -
Share
4 / 100

බැදුම්කර හොරු අල්ලනවා බොරු..!
අර්ජුන් මහේන්ද්‍රන් භාර දෙන්න සිංගප්පූරුව බෑ කියයි.

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප‍්‍රධාන චූදිතයෙකු වන, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකා රජයට භාර දීම, සිංගප්පූරු රජය ප‍්‍රතික්ෂේප කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ තමන්ට දැනගන්නට ලැබී ඇති බව සති අන්ත සන්ඬේ මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

මේ පිළිබදව පුවත්පත, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් විමසා ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඒ පිළිබදව කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බැවින්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස ද ඔහු සන්ඬේ මෝර්නිං පුවත්පතට පවසා තිබේ.

පුවත්පත නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වී තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි නඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව මීට පෙර අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 19 =