බැදුම්කර හොරුන්ට සහනයක්..! ජනපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි.

0
6941
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති පැව සේ.

ඒ අනුව, නැවත පාර්ලිමේන්තුව රැස් වන්නේ, සතියකට පසුව යි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නොකළා නම්, හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්විය යුතුව තිබුණි. එසේ හෙට පාර්ලිමේන්තුව රැස් වූවා නම්, බැදුම්කර වංචාව පිළිබදව කරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා බලාපොරොත්තුව සිටි බව වාර්තා වේ.

දැන් පාර්ලිමේන්තු සභාවාරය කල් තබා තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තුවේ කාරක සභා බොහෝමයක්ද ඉබේම අහෝසි වී යයි.

තමන් බලයට පත් වූ සැණින්, මහ බැංකු බැදුම්කර වංචාකරුවන්ට දඩුවම් පමුණුවන බවට වර්තමාන රජය මැතිවරණ වේදිකාවේ දී පොරොන්දු වී තිබුණි. එම පොරොන්දුව රකිමින්, බැදුම්කර වංචාකරුවන්ට සහනයක් වන ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව, සුනිල් හදුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ලංකාදීප පුවත්පතට පවසා තිබුණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමේ ගැසට පත‍්‍රයට අත්සන් තබා ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය අද පෙරවරුවේ වාර්තා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − six =