බැදුම්කර වෝහාරික විගණන වාර්තාව මන්ත‍්‍රීවරුන්ගේ අතට දෙන්න එපා. නීතිපති කියයි.

0
1198
- Advertisement -

ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන්, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද වෝහාරික විගණන වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට, පසුගිය තුන්වනදා රැස් වූ පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරු කිහිප දෙනෙකුම ඉල්ලා සිටියේ ය.

මේ පිළිබදව, නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති, කතානායක කරු ජයසූරිය මහතා, අද දිනයේ දී නීතිපති ස්ථාවරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව, නීතිපතිවරයාගේ සථාවරය වී ඇත්තේ, දැනටත් නීති කෘත්‍යයක් ආරම්බ කර ඇති බැවින් සහ ඉදිරියේ දී තවත් නීති කෘත්‍ය ආරම්භ විය හැකි බැවින්, බැදුම්කර වංචාව පිළිබදව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතු බව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 15 =