“බැදුම්කර වංචාව ගැන රනිල්ගෙන් සහ මෛත්‍රීගෙන් ප්‍රකාශ ලබා ගන්න.” නීතිපති වැඩබලන පොලිස්පතිට නියෝග කරයි.

0
226
- Advertisement -
Share

බැදුම්කර වංචාව ගැන රනිල්ගෙන් සහ මෛත්‍රීගෙන් ප්‍රකාශ ලබා ගන්න.”
නීතිපති වැඩබලන පොලිස්පතිට නියෝග කරයි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව, අගමැතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ, ආර්. පාස්කරලිංගම් යන අයගෙන් සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 5 =