බැදුම්කර නඩුව. 10 දෙනෙකුට අධිචෝදනා භාර දෙයි.

0
425
- Advertisement -
Share

බැදුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති 10 දෙනෙකුට එරෙහිව, විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. නීතිපති, දප්පුල ද ලිවේරා මහතා විසින් අදාල චූදිතයන් 10 දෙනාට අධිචෝදනා භාර දී තිබේ. නඩුව ලබන 19 වෙනිදා ආරම්භ වීමට නියමිතය. නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර දී තිබෙන සැකකරුවන්ගේ නම් පහත පරිදි වේ.

ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්.
පත්තිනිගේ සමරසිරි
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ලිමිටඞ්.
අර්ජුන් ඇලෝසියස්.
කසුන් පලිසේන.
ජෙෆ්රි ඇලෝසියස්.
පූෂ්‍ය මිත‍්‍ර ගුණවර්ධන
චන්න රංජන් හුළුගල්ල.
මුත්තුරාජා සුරේන්ද්‍රන්
අජාන් ගාර්දියේ පුංචිහේවා.

මෙම සැකකරු ලේඛනයේ පළමු සැකකරු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන්, ලංකාවෙන් පලාගොස් සිංගප්පූරුවේ සැගවී සිටී. කෙසේ වෙතත්, ඔහු නැතිව නඩුව පවත්වාගෙන යා හැක. බැදුම්කර වංචාවෙන් රජයට සිදු වූ පාඩුව ලෙස අදාල නඩුව තුළ සඳහන් කර ඇත්තේ රුපියල් හැට අට කෝටි අසූ හත් ලක්ෂයක මුදලකි. මේ වන විට, පර්පචුවල් සමාගමට අයත් රුපියල් කෝටි 120 කට ආසන්න වත්කම් ප‍්‍රමාණයක් මහබැංකුව විසින් ඔවුන්ගේ භාරයේ රදවාගෙන සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + twelve =