බැදුම්කරේ ප‍්‍රධාන චූදිතයා රනිල් නෙවෙයි; අර්ජුන් මහේන්ද්‍රන්.

0
1190
- Advertisement -
Share

පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුවේ, මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන් නොව, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බවට වූ මතයක් එවකට විපක්ෂය ලෙස පැවති, මේ වන විට ආණ්ඩු බලය හොබවන පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් විසින් ඉදිරිපත් කර තිබුණි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාද එම අදහසේ සිටි අයෙකි.

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කර තිබේ. මාධ්‍යවේදීයා අමාත්‍යවරයාට යොමු කළ ප‍්‍රශ්නයත්, අමාත්‍යවරයා දී ඇති පිළිතුරත් පහත පළ වේ.

ප‍්‍රශ්නය : මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන චූදිතයා රනිල් වික‍්‍රමසිංහ මහතා යැයි විපක්ෂයේ සිටිය දී හඩ තැලූ බොහෝ දෙනෙක් අද ආණ්ඩුවේ සිටිද්දී ඒ ගැන කතාකරන්නේ නෑ. ඔබත් මේ සිදුවීම ගැන කතා කළ ප‍්‍රධාන කතිකයෙක්. ආණ්ඩුව බැදුම්කර ගනුදෙනුව ගැන මොකද්ද කරමින් ඉන්නේ ?

පිළිතුර : මැදිහත් වුණාම කියනවා අනවශ්‍ය ලෙස පළිගැනීමට මැදිහත් වෙනවා කියල. නීත්‍යනුකුළ කි‍්‍රයාමාර්ග අනුගමනය කළාම ඞීල් දානවා කියනව. ඒ නිසා ඒ දෙකම සාධාරණ නෑ. ඇත්තම සිද්ධිය තමයි, ජනාධිපති කොමිසමේ හෙළිදරව් වී තිබෙන කරුණු හා අනෙකුත් නීතිමය කරුණු අනුව කි‍්‍රයාත්මක වීම සදහා විදේශ ඇමතිවරයා මෙහි චූදිතයෙකු හැටියට සැලකෙන අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. මොකද මහේන්ද්‍රන්ගෙන් කරුනු විමසා බොහෝ දේ හෙළිදරව් කර ගත යුතු වෙනවා. දැනට ප‍්‍රධාන චූදිතයා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්. ඔහු ලබාදෙන සාක්ෂි මත තමයි හිටපු අගමැතිතුමා ඇතුළු අනෙකුත් පාර්ශ්ව ගැන ගතයුතු පියවර තීරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 6 =