බ්‍රිතාන්‍ය තෙල් නෞකාවකට ආයුධ සන්නද්ධ ඉරාන බෝට්ටු කිහිපයකින් බාධා

0
138
- Advertisement -

පර්සියානු හා ඕමාන බොක්ක අතර හෝමෝස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍ය තෙල් නෞකාවකට ආයුධ සන්නද්ධ ඉරාන බෝට්ටු කිහිපයක් බාධා එල්ල කර තිබෙනවා.

ඒ, අදාළ තෙල් නෞකාව නවතන ලෙසට තර්ජනය කරමින්. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු එම බෝට්ටු ඉවත්ව ගොස් තිබෙනවා.

මෙලෙස ආයුධ සන්නද්ධව පැමිණ ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුයුක්ත බෝට්ටු 5ක් බවට සැක කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

යුරෝපා සම්බාධක නොතකා පසුගියදා සිරියාවට ඉන්ධන රැගෙන යමින් තිබූ ඉරාන නෞකාවක් බ්‍රිතාන්‍ය මගින් පසුගියදා සිය භාරයට ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =