බ්‍රැන්ඩික්ස් පොකුර හැදුනේ කොහොමද කියලා අපි දන්නවා.
යුද හමුදාපති කියයි.
බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වුණු ආකාරය ගැන තොරතුරු සොයා ගෙන ඇති බව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත්, එම තොරතුරු ස්ථිව වශයෙන්ම තහවුරු කරගන්නා තුරු ඒවා හෙළිදරව් කිරීමේ හැකියාවක් නැති බවද ඒ මහතා පවසයි.
කොරෝනා ආසාදිතයන් දෙදහසකට වැඩි පිරිසක්, බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වී ඇති අතර, වෛරසය මේ ලෙස සේවකයන් අතර ව්‍යාප්ත වීමට බ්‍රැන්ඩික්ස් පාලනාධිකාරිය වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබේ.