“බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවෙන් ගෙන ආ කිසිවකු අප යටතේ නිරෝධායන වී නෑ.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

0
2816
- Advertisement -
Share
4 / 100

“බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවෙන් ගෙන ආ කිසිවකු
අප යටතේ නිරෝධායන වී නෑ.”
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.


බ්‍රැන්ඩික්ස් ආයතනය, ඉන්දියාවේ සිටි ඔවුන්ගේ සේවකයන් සහ උපදේශකයන් මෙරටට රැගෙන විත් අනිවාර්ය නිරෝධායනය සදහා යොමු කළ බව පැවසූවත්, එවැනි කිසිවකු, කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මීට පෙර බ්‍රැන්ඩෙක්ස් ආයතනය හා කොරෝනා මර්දන ජාතික මධ්‍යස්ථානය පවසා තිබුණේ, ඉන්දියාවේ විසාකාපත්නම් සිට රැගෙන ආ ඔවුන්ගේ සියළු සේවකයන්, මෙරටදී දින දා හතරක අනිවාර්ය නිරෝධායනය සදහා යොමු කර, පසුව ඔවුන් තවත් දින 14 ක් ස්වයං නිරෝධායනය තුළ නිරීක්ෂණය කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත භාර දුන් බවයි.

දින දා හතරක ස්වයං නිරෝධායනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට යටතේ සිදුවිය යුතු වුවත්, ඉන්දියාවේ විසාකාපත්නම් සිට රැගෙන ආ කිසිවකු එසේ තමන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට යොමු වී නැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

මේ පිළිබදව සිය ප්‍රධාන පුවතෙන් හෙළිදරව් කර තිබෙන්නේ අද ඬේලි මිරර් පුවත් පතයි.
ඬේලි මිරර් පුවත් පත, ඉන්දියාවේ විසාකාපත්නම් සිට පැමිණි පිරිස් පිළිබදව මත්තල ගුවන් තොටුපලින් සහ ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් විමසා ඇති නමුත්. ඔවුන් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ, දැනට නිරෝධායනය වෙමින් සිටින අයෙකු, ඬේලි මිරර් පුවත්පත සමග පවසා ඇත්තේ, ඉන්දියාවේ සිට පැමිණි අයද, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ බව යි.

ඬේලි මිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =