බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා. එතුමා ගන්නෙත් හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්.

0
322
- Advertisement -
Share

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා.
එතුමා ගන්නෙත් හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්.

බ්‍රසීල ජනාධිපතිවරයා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ, කොරෝනා වසංගතය සැහැල්ලුවට ගත් අයෙකු බව පැවසේ.

තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා හෙළිදරව් කර ඇත්තේ, ඔහු සම්බන්ධ වූ සජීවී රූපවාහයිනී සාකච්ඡාවක් අතරතුරේ දී ය.

සති අන්තයේ දී තමන්ට තරමක් අපහසුතාවයක් දැනුන බව පවසා ඇති ජනාධිපතිවරයා, තමන් ප්‍රතිජීවක ඖෂධ සහ හයිඩ්‍රොක්සික්ලෝරක්වීන් ලබා ගන්නා බව පවසා තිබුණි.

ජනාධිපතිවරයා මුව ආවරණ පැළදිය යුතු බව අධිකරණය විසින් නියෝග කරන තුරුම, බොල්සනාරෝ මුව ආවරණ පැලදීමෙන් වැලකී සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 2 =