“බස් රථ තුළ සමාජ දුරස්ථභාවය රකින්න නං බස් ගාස්තු ඉහළ දාන්ඩ ඉඩ දෙන්න.” ගැමුණු විජේරත්න.

0
332
- Advertisement -

බස් රථ තුළ සමාජ දුරස්ථභාවය රකින්න නං
බස් ගාස්තු ඉහළ දාන්ඩ ඉඩ දෙන්න.”
ගැමුණු විජේරත්න.


මගීන් දෙදෙනෙකු අතර පැවතිය යුතු, සමාජ දුරස්ථභාව රැකෙන පරිද්දෙන් බස් රථ ධාවනය කිරීමටනම්, බස් ගාස්තු සාධාරණ ලෙස ඉහළ දැමීම තම සංගමය බලාපොරොත්තු වන බව, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

සමාජ දුරස්ථභාවය රැකීමට නම්, ආසන සංඛ්‍යාවෙන් අඩකට පමණක් ප්‍රමාණවත් වන ලෙස මගීන් ගෙන යා යුතු බවත්, තමන් මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, ඔහු පවසයි. කෙසේ වෙතත්, තමන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු පවසයි.