බස් රථයකදී මත්පෙති මිශ්‍ර බීම වර්ගයක් පානය කිරිමට දි මුදල් හා රන් භාණ්ඩ සොරාගත් සැකකරු අත්අඩංගුවට

0
513
- Advertisement -
Share

කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් පුද්ගලික බස් රථයක සිටි කාන්තාවකට මත්පෙති දමන ලද බීම වර්ගයක් පානය කිරිමට දි ඇය සතු මුදල් හා රන් භාණ්ඩ සොරා ගෙන ඇත.

ඇය මත් වු විට ඇගේ ගමන් බෑගයේ තිබු රු.129000ක් හා රු.550000 වටිනා රන් භාණ්ඩ මෙලෙස සොරා ගෙන ඇත. ඉන්පසු එම සැකකරු බස්රථයේ මගින් විසින්ම අල්ලා කන්තලේ පොලීසයට භාර දි ඇති අතර සිහි මුර්ජා වි සිටි කාන්තා වයස අවු. 43ක් වූ එම කාන්තාව කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු 45ක්වු රණවිරුගම ,මැදිරිගිරිය පදංචි කරුවෙකි.

සැකකරු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කන්තලේ පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − two =