බස්නාහිර ඇදිරි නීතිය හෙට අළුයම පහෙන් අවසන්. නමුත් බොරැල්ල මට්ටක්කුලිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් දිගටම හුදෙකලා කරයි.

0
283
- Advertisement -

බස්නාහිර ඇදිරි නීතිය හෙට අළුයම පහෙන් අවසන්. නමුත් බොරැල්ල මට්ටක්කුලිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් දිගටම හුදෙකලා කරයි.


බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය හෙට අළුයම පහට ඉවත් කරන බව, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ නමුත්, කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්වලට අයත් ඇතැම් ප‍්‍රදේශ තව දුරටත් හුදෙකලා කොට තැබීමට රජය තීරණය කර තිබේ.


ඒ අනුව,
කොළඹ දිස්ත‍්‍රික්කයේ, බොරැල්ල, මට්ටක්කුලිය, මෝදර්, බ්ලූමැන්ඩල්, ඩෑම් වීදිය, කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කෙසෙල්වත්ත,වෙරළබඩ පොලිස් බල ප‍්‍රදේශය තවදුරටත් හුදෙකලා කොට තබනු ලැබේ.

ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත්, වත්තල, පෑලියගොඩ, කඩවත, ජා ඇල, රාගම, මීගමුව, සපුගස්කන්ද යන ප‍්‍රදේශ හුදෙකලා කොට තබනු ලැබේ.

කළුතර දිස්ත‍්‍රික්කයට අයත්, හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර හුදෙකලා කර තබනු ලැබේ.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත්, කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය හුදෙකලා කර තබනු ලැබේ.

කෑගල්ල දිස්ත‍්‍රික්කයට අයත්, මාවනැල්ල සහ රුවන් වැල්ල යන ප‍්‍රදේශ හුදෙකලා කර තබනු ලැබේ.