බස්නාහිර ඇදිරිනීතිය ගැන අවසන් තීරණයක් ගැනීමට ජනාධිපති කාර්යසාධන බලකාය අද රැස් වේ.
බස්නාහිර පලාතට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය පිළිබදව තීරණයක් ගැනීමට, කෝවිඞ් මර්දනය සදහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකාය අද දිනයේ රැස්වන බව වාර්තා වේ.
ඇදිරි නීතිය සදුදා දිනයේ අළුයම පහ දක්වා බල පැවැත්වෙන අතර, සැලසුම් කර තිබූ ආකාරයට, එදින ඇදිරිනීතිය ඉවත් කළ හැකිදැයි විමසා බැලීම අද දිනයේ දී සිදුවීමට නියමිතය.