බලන්ගොඩ රෝහල ඉදිකර වසර දෙකයි, අදවනතුරු වෛද්‍යවරයෙක් නෑ

0
537
- Advertisement -
Share

බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කොටිඨාශායට අයත් එගොඩ වලේබොඩ ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකකය (ග්‍රාමිය රෝහල) විවෘත කර දැනට වසර දෙකක පමණ කාලයක් ගතවී ඇතත් එම රෝහලෙන් ජනතාවට කිසිදු සේවාවක් සිදු නෙවන බව වලේබොඩ ප්‍රදේශයේ පදිංචි ජනතාව කියති. එම රෝහලෙහි, ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දිම සදහා මෙතෙක් වෛද්‍ය වරයෙකු හෝ කාර්ය්‍ය මණ්ඩලය ⁣යොදවා නොමැති බව ජනතාව සදහන් කරති.

බලන්ගොඩ සහ ඉඔුල්පේ ග්‍රාම සේවා වසමි හතරක අයත් පවුල් දෙදෙහස් පන්සියකට ආසන්න ජනතාවවකට සෞඛ්‍ය පහසුකම් ලබා දිම සදහා සබරගමු පලාත් සභාව මගින් රැපියල් මිලියන 10 කට වැඩි මුදලක් වැය කර එගොඩ වලේබොඩ ග්‍රමිය රෝහල ඉදිකර ඇති බව වලේබොඩ ප්‍රදේශයේ පදිංචි ජනතාව කියති.

එගොඩ වලේබොඩ ග්‍රමිය රෝහලෙහි ප්‍රතිකාර ලබා ගැනිිම සදහා වෛද්‍ය වරයෙකු ⁣ නොමැති කම හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසමි හතරක ජනතාව විශාල ගැටලුවකට මුහුණ පා සිටිති. මෙිි හේතුවෙන් තමන්ට කිලෝමීටර් විසිපහක් පමණ දුරක් ගෙවා බලන්ගොඩ මුලික රෝහල වෙත යැමට සිදුවන බව ද ඔවුහු පවසති.ඒ සදහා විශාල මුදල් සහ කාලයක් ගත වන බවද එම ජනතාව පවසති.මෙි අතර රෝහල අවට භුමියද මෙිි වන විට වල් බිහිවෙමින් පවතින බව ද ඔවුහු සදහන් කරති.

සබරගමු පලාත් සභාව සෞඛ්‍ය සමිපන්න ජනතාවක් බිහි කිරිමෙි අරමුණින් සෞඛ්‍ය පහසුකම් සංවර්ධන කිරිමෙි වැඩ සටහනේ දෙවැනි සෞඛ්‍ය සේවා ආංශිය සංවර්ධන ව්‍යපෘතියේ ප්‍රතිපාදන යොදවා එගොඩ වලේබොඩ ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකකය (ග්‍රමිය රෝහල ) ඉදිකර 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදා විවෘත කළ බව එහි සමරැපලකයේ සටහන් කර තිබෙි.මෙම රෝහල විවෘත කළ දිනයේ සිටම වසා දමා තිබෙන බව ජනතාව කියති.

එගොඩ වලේබොඩ ග්‍රාම රෝහලට කඩිනමි වෛද්‍ය වරයෙකු සහ කාර්ය්‍ය මණ්ඩලය යොදවා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනිමට හැකිවන පරිදි වැඩ පිළිවෙලක් සකස් කර දෙන්නැයි ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

මෙිි සමිබන්දයෙන් සබරගමු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතාගෙන් කල විමසිමකදි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවැසිිය

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සබරගමු පලාතේ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන එහෙම නැත්නමි ග්‍රාමිය රෝහලේ ප්‍රථි ව්‍යහගතකරිමෙි වැඩ සටහනක් ආරම්භ කරල තිබෙනවා.ඒක ග්‍රාමිය ජනතාවට විශාල සේවාවක් ලැබෙන්න කරන අලුත්ම වැඩසටහනක්.මෙික ඉදිරි වසර පහ දහය තුළ මුළු රටෙිම ආරම්භ කෙරෙන වැඩ සටහනක්. මෙි වැඩසටහන කල්තොට දිසා රෝහලෙන් ආරම්භ කෙරැණා.

මෙිි වැඩසටහ තුල තමයි අපිට හැකියාව ලැබෙන්න වලේබොඩ රෝහලටත් ඒ පහසුකම් ලබා දෙන්න.මෙි රෝහල් පවත්වාගෙන යන්න අපිට වෛද්‍ය නිළධාරීන් ලැබිමෙි ලොකු ගැටලුවක් තිබෙනවා.මෙි වැඩසටහන යටතේ මෙි ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න මානව සමිපත කියන එක අත්‍යාවශ්‍යයි.රේඛිය අමාත්‍යාංශය පිටිසර පලාත්වල ජනතාවට අවශ්‍ය කරන මුලික සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න සියලුම කටයුතු කරගෙන යනවා.

මෙි වසරේ අපි ග්‍රාමිය රෝහල් පහක් ඒ සදහා තොරාගෙන තිබෙනවා.ඊ ලඟ අවුරුද්දේ එය තවත් පහක් දහයක් විතර වෙනවා.මෙම වැඩසටහන යටතේ ඉදිරියේ්දි වලේබොඩ ග්‍රාමිය රෝහලට වෛද්‍ය වරැ සහ හෙද කර්ය්‍ය මණ්ඩලය යොදවන කටයුතුත්ත ඇතුළත් කරලයි තිබෙන්නේ. විවෘත කිරිම පමණක් නොවෙයි,ආරම්භ කිරිම පමණක් නොවෙයි ඒවා ඉදිරියට සදාකාලිකවම පවත්වාගෙන යන්න නව වැඩ පිළිවෙලක් රේඛිය අමාත්‍යාංශය මගින් කියාත්මක කරගෙන යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 2 =