බරපතල ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව ඉතාම නිශ්චිතව පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට දන්වා තිබේ. රාජ්‍ය බුද්ධ සේවය කියයි.

0
1413
- Advertisement -

අපේ‍්‍රල් 21 වන දා එල්ල වූ ප‍්‍රහාරය පිළිබදව තොරතුරු, ප‍්‍රහාරය එල්ල වීමට පෙර, ඉතාමත්ම නිශ්චිතව සහ වගකීම් සහගතව, පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බවට ලිඛිත සාක්ෂි සහිත ලේඛනයක් රාජ්‍ය බුද්ධි සේවය විසින් සකස් කරමින් සිටින බව වාර්තා වේ. මෙබදු වාර්තාවක් සකස් කිරීමට හේතු වී ඇත්තේ, ප‍්‍රහාරය පිළිබදව බුද්ධි සේවය නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් ලබා නොදුන් බවට පොලිස්පතිවරයා විසින් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ පැවසීම නිසා බව පැවසේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවල දී අදාල වාර්තාව ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවය බලාපොරොත්තු වෙයි.

පාස්කු ප‍්‍රහාරයට පෙර, අපේ‍්‍රල් 16 වන දා, කාත්තන්කුඩියේ දී සිදු වූ යතුරු පැදියට ඇටවූ අධිබලැති බෝම්බයක් පුපුරුවා හැරීම සහරාන්ගේ වැඩක් බව, ලිඛිතව පොලිස් පතිවරයාට දැනුම් දී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවය පවසයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන්, 21 වන දා ට පෙර, එනම් 20 වනදා සවස 5.00 ට ලිඛිතවත් දුරකථනය ඔස්සේත් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් වරයා දැනුවත් කර ඇති බවත්, එය තහවුරු කිරීම සදහා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමටත් රාජ්‍ය බුද්ධි සේවය සූදානමින් සිටියි.